coronaviruses


ලොවම සලිත වන කොරොනා

.

SARS වෛරස් පවුලේ ම තවත්  වෛරසයක් ලෙස හදුනාගෙන ඇති කොරොනා වෛරසය පසුගිය දෙසැම්බර් මාසයේ හදුනාගත් කාලයේ සිට මේවන විට  චීන ජාතිකයින් 25දෙනෙකු  මියගොස් ඇත.ලොව පුරා 830 කට මේවන විට ආසාදනය වී ඇත.කොරෝනා වෛරසය ප්‍රබේද ගනනාවක් ඇති අතර වත්මන් වෛරසය 2019 nCov හෙවත් නව කොරොනා වෛරසය ලෙස හදුන්වයි.මේ වන විට නව කොරොනා වෛරසය චීනය ,ජපානය ,දකුණු කොරියාව ,ඇමරිකාව ,තායිලන්තය,තායිවානය, සිංගප්පූරුව ,වියට්නාමය හා ඉන්දීයාව කරා පැතිරී ඇත.මේවන විට චීනයේ හුබෙයි ප්‍රාන්තයේ වූහාන් නගරය හා හුන්ග්ගැන්ග් නගර වලට ඇතුළු වීම හා පිට වීම වසා දමා ඇත.

මොකක්ද මේ කොරොනා වෛරසය කියන්නෙ

 කොරොනා වෛරස් යනු නයිඩෝ වයිරල්ස් අනුපිළිවෙලට අනුව කොරොනා වයිරේඩ් පවුලේ ඔතෝකොරොනා වයිරිනා නම් උප කුලයේ  වෛරස් වේ.මෙයට කොරොනා නම ලැබී ඇත්තේ එහි ඇති හැඩය හේතුවෙනි .මෙම වෛරසය අන්වීක්ෂය කින් බැලීමේදී එය රාජකීය ඔටුන්නක් හෝ සූර්ය කිරීටයක් සිහිපත් කරයි.එසේ හෙයින් මෙයට ලතින් corona යන නාමය ලබා දී ඇත.

මෙම නව කොරොනා වෛරසය යේදී බරපතල පෙනහලු රෝගී තත්ත්වයක් ඇතිවන අතර එය මාරාන්තික නියුමෝනියා තත්ත්වයක් දක්වා වර්ධනය වේ.  

රෝග ලක්ශණ 

මෙහි විශේෂ ම රෝග ලක්ශණය වන්නේ ස්වසන් අපහසුතාව සහ උණ රෝග ලක්ශණ යයි.නිතර ම සොටු දියර ගැලීම,කැස්ස,උගුරේ වේදනාව හා හිසරදය මෙම රෝග   ලක්ශණයි.මෙම රෝග ලක්ශණ දින කිහිපයක් පවතී.මෙම වෛරසය නිසා මරණය පවා සිදු විය හැක .

ප්‍රතිකාර හා රෝග නිවාරණය 

මෙම වෛරසය සදහාම  විශේෂිතවූ බෙහෙතක් නොමැත.උණ හා වේදනාව සදහා වෛද්‍යවරු බෙහෙත් ලබා දේ.හුමාලය භාවිතය උගුරේ වේදනාව ට නිර්දේශ කර ඇත.ඇතිතරම් දියර වර්ග භාවිතය.විවේකීව සිටීමත් නිදා ගැනීමත් රෝගය සුව වීමට බෙහෙවින් උපකාරී වන බව දක්වා ඇත .

රෝග වලක්වා ගැනීම.

මේ වෛරසය සදහා වැක්සීනයක් මේවන තුරු නිපදවා නොමැත .හොදම ආරක්ෂණ ක්‍රම වේදය සෙනග ගැවසෙන ස්තාන වලින් ඈත්ව සිටීම.දෑත් සෝදා ගැනීමකින් තොරව ඇස්,නාසය,කට ස්පර්ශ කිරීමෙන් වැලකීම හා නිතරම දෑත් පිරිසිදු කර ගැනීම රෝගය බෝවීමෙන් වැලකීමට උපකාරී වේ.

රෝග වයාපෘතිය.

මිනිසුන් ගෙන් මිනිසුන්ට රෝග වයාපෘති ය සිදුවන්නේ දේහ තරල (Secretions)මගිනි.කැස්ස, සොටු දියර ,අතට අත දීම ,ආසාදිත පුද්ගලයන් ස්පර්ශ කල දේවල් ස්පර්ශ කිරීමෙන් (දොරවල් වැනි දෑ ස්පර්ශ කිරීමෙන් )රෝගීන් බලා ගන්නන් රෝගීන් ගේ අපද්‍රව්‍ය / මළද්‍රව්‍ය බැහැර කිරීමේදී රෝගය ආසාදනය විය හැක.

මෙම වෛරසය මුලින්ම පැතිරී ඇත්තේ සතුන්ගෙන් මිනිසුන්ට ය.MERS වෛරසය ඔටුවන්ගෙන් මිනිසුන් ට වැළඳ ඇතැයි සැලකේ .SARS වෛරසය සිවෙට් කැට් නම් බළලුන් මාර්ග යෙන් වැලදුනා යැයි සැක කෙරේ.වත්මන් නව කොරොනා වෛරසය මාලු වෙළද පලක් ආශ්‍රිත මත්ස්‍යයින් ගෙන් හෝ නාගයින් ගෙන් වැළඳ ඇතැයි සැක කරයි.එසේ හෙයින් මත්ස්‍ය සහ මාංශ ආහාර භාවිතයෙන් වැලකී සිටීම සුදුසු වේ.

මාස්ක් සහ ග්ලවුස් පැලදීමෙන් රෝගය වැළදීමෙන් වැලකීම ට උත්සහ කල හැක.

නවතම වාර්තා වලට අනුව මාස්ක් පැළදුවද ඇස් මගින් බෝවිය හැකි බව අනුමාන කරනු ලබයි.එය නිශචිතවම සනාථ කරගෙන නැත.

©helobuddy