දැනුම සාගරය


ඔබගෙ දැනුමට වැදගත් වන කරුණු මෙම බ්ලොග් අඩවියෙන් අප ඉදිරිපත් කරනු ලබයි .

.

වද වූ බවට පරිසරවේදීන් සිතා සිටි ශ්‍රීලංකාවේ කළු කොටියා යලි මතුවෙයි .

ලොව වෙසෙන කොටින් වර්ග 8 ක් අතුරින් ශ්‍රී ලංකාවේ  කොටියා නැමති උප විශේෂය සුවිශේෂි වන්නේ ඔවුන් ඉතා ස්වල්පයක් පමනක් සිටින බැවිනි .මෙතෙක් කල් වදවී ගොස් ඇතැයි විශ්වාස කළ කළු කොටියා සැලකෙන්නේ ශ්‍රීලංකාවේ කොටියා නැමති උපවිශේෂයේ වර්ණ ප්‍රභේදයක් වශයෙනි .

 

අවසන් කළු කොටියා ලෙස මීට පෙර තොරතුරු සටහන්ව තිබුනේ ද පිටදෙණිය ,මාවුල්දෙණිය ප්‍රදේශය ආශ්‍රිතව උගුලකට හසුව මිය ගොස් තිබූ සත්ත්වයෙකි.ඒ අනුව එම සත්ත්වයා ගේ හම යොදාගෙන ගිරිතලේ වනජීවී කෞතුකාගාරයේ නිර්මාණය කළ අනුරුව ශ්‍රීලංකාවේ කළු කොටියා ගේ අවසන් අනුරුව ලෙස සැලකුණි.

නමුත් වනජීවී දෙපාර්තමේන්තුව දීප වයාප්තව සිදු කරන ලද ශ්‍රීලංකාවේ කළු කොටියා පිලිබද ගවේෂණය එම ඉතිහාසය වෙනස් කිරීමට සමත් වූයේ ජීවමාන සාක්ෂියක් සපයමිනි .කළු කොටි ගැවසෙන බවට තොරතුරු ලැබුණු ස්ථාන කිහිපයක වනජීවී දෙපාර්තමේන්තුව දුරස්ථ චලන  සංවේදී කැමරා සවිකළ අතර ඉන් එක් ස්ථානයක පමණක් පසුගිය ඔක්තෝම්බර් මස 26 දා මෙම අපූරු සාක්ෂි ය සටහන් විය.

ඒ පසු පස හමා ගිය වනජීවී දෙපාර්තමේන්තුව ශ්‍රීලංකාවේ කළු කොටියා තවමත් ඉතිහාසය ට පමණක් සීමා නොවන බවට තහවුරු කර ගත්තේ දර්ශනය කිහිපයක් ම තම කැමරා වල සටහන් කර ගනිමිනි .ඒඅනුව මෙම කළු කොටියාගේ සීමාවේ ශ්‍රීලංකාවේ කොටි උප විශේෂය ට අයත් ගැහැනු සත්වයකු,පැටවුන් 2නෙකු හා තවත් පිරිමි සත්ත්වයකු ද සිටින බව ට අනාවරණය වී තිබේ.

 

වනජීවී දෙපාර්තමේන්තුවේ වෛද්‍ය 

මාලක අබේවර්ධන ,වෛද්‍ය මනෝජ් අකලංක යන මහත්වරුන්ගේ මූලිකත්වයෙන් සිදු කළ මෙම ගවේෂණය සදහා තාක්ෂණික සහය ලබා දුන්නේ ටොපිකල් එකෝ සිස්ටම් රිසච් නෙට්වර්ක් සංවිධානය යි.

2205 Views

Read more